පුරාවස්තු නීතිය

1.      පුරාවස්තු ආරක්ෂා කිරීමට පැනවූ අණපනත්
·         1940 අංක 09 දරණ පුරා විද්‍යා ආඥා පනත
·         1998 අංක 24 දරණ පුරාවස්තු (සංශෝදන) පනත

2.     පුරාවස්තුක් යනු
·         වර්ෂ 1815 මාර්තු 02 දිනට පෙර කාල සීමාවක සිට පැවත එන පෞරාණික වටිනාකමක් ඇති නිශ්ගල හෝ චංචල දේපල

3.      පුරාවස්තු පිහිටා ඇති ස්ථාන
·         භුතලය මතුපිට සහ භූතලය ඇතුලත
·         ඟංඟාවක, විලක ‍හෝ ජලාශයක පත්ලේ.
4.      පුරාවස්තුවක් සොයා ගනු ලබන්නේ
·         පුරා විද්‍යාත්මක කැණීමකින්
·         ගවේෂණයකින් වෙනත් අයුරකින්
5.      අනවසර කැනීමක් යනු,
·         පුරා විද්‍යා ජනරාල්ගේ ලිඛිත අවසරය නැතිව පුරාවස්තු සොයා ගැනීමේ චේතනාවෙන් කරණු ලබන කැනීම.
6.      පැරණි ස්මාරක යනු
·         1815 මාර්තු 02 දිනට පෙර සිට පැවත එන ස්මාරක
·         ඇමතිවරයා ගැසට් කළ වසර සියයකට වඩා පැරණි නිශ්චිත ස්මාරක

පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතියෙන් තොරව :
1.      ස්මාරක ප්‍රතිසංස්කරණය හා අළුත්වැඩියාව
2.      ඊට ආසන්නයේ නව ඉදිකිරීම් සිදුකිරීම
3.      පතල් කැණීම හෝ ගල් පිපිරවීම
4.      පුරාවස්තු අපනයනය
5.      පුරා වස්තු සොරාගැනීම,
6.      විකෘති කිරීම , විනාශ කිරීම

තහනම්........!

දඩය රුපියල් 25000 සිට 250000 දක්වා

සිරදඬුවම වසර 2 සිට 5 දක්වා