අපි ගැන


පෞරාණික උරුමයට හානි පඹුණුවන්නන්ට එරෙහිව යම් අදෘෂ්‍යමාන බලවේග ක්‍රියාත්මක වන්නේ යැයි පැරැන්නෝ විශ්වාස කළහ.නිදන් හොරැන්ගේ ආරක්ෂාව වෙනු‍වෙන් කැපවී ඒවා ට අරක්ගෙන සිටින බහිරවයා නිදනගත උරුමයට හානි පමුණුවනන්ට හා ඔවුනගේ පවුල්වලට දැඩි දඬුවම් පැමිණවූ බව ජනශ්‍රැතියෙහි මෙන්ම සම්භාව්‍ය සාහිත්‍යයෙහිද විස්තර වේ.

මේ හා සම්බන්ධ විද්‍යාත්මක අර්ථ දැක්වීම කෙබඳු වුවද බහිරවයාගේ අවධානය නිසා අතීතයේ මෙරට පෞරාණික උරුමය රැකුණු බැව් නොරහසකි. මෙරට පෞරාණික උරුමය වැනසීම හා කොල්ලකෑම අද වෙනකවරදාකටත් වඩා වැඩිවී ඇත. වර්තමානයේ ඊට දායක වන්නෝ රටේ සාමාන්‍ය ජනතාව නොවෙති. දේශපලඥයින්, ආරක්ෂක අංශවල ප්‍රධානීන්, සමාජ බලපුළුවන්කාරයින් ඒ අතර වෙති.නීතිය හා බලය ඔවුන් අතය. එබැවින් සාමාන්‍ය මිනිස්සුන්ට ඔවුනට එරෙහිව යෑම අපහසුය. ඇතැම්විට උරුමයේ රැකවරණය වෙනුවෙන් නෛතික බලය හිමි රාජ්‍ය ආයතනද නිරුත්තරය.

දැන් ‍නැවතත් මේ අවනඩුව බහිරවයාට දන්වා සිටීමට කාලය එළැඹ තිබේ. බහිරව අඩවිය ඒ වෙනුවෙනි. පෞරාණික උරුමය හා පාරිසරික උරුමයට හානි පමුණුවන්නන් කොතරම් රහසේ සහ බලපුළුවන්කාරකමින් එය සිදුකළද, බහිරව අඩවිය ඒ අපරාධය පිළිබඳව බහිරවයා දැනුවත් කරනු ඇත. ඉදිරිපියවර බහිරවයා සතුය. මේ කාරණයේදී ජනතාව සිටින්නේ බහිරවයා සමඟ බව කිසිවෙකු අමතක නොකළ යුතුය. බහිරව අඩවිය සමඟ එක්වන මෙන් ඔබටද ඇරයුම් කරමු.