Saturday, October 30, 2010

බහිරවාගමනය




ලංකාවේ සංස්කෘතිය, ඉතිහාසය, පුරාවිද්‍යාව ගැන පේටන්ට් අයිතිය හිමිව ඇත්තේ බලඅධිකාරයේ දෘෂ්ඨිවාදය සාධාරණීකරනය කිරීමට කැමති ඊනියා බුද්ධිමතුන් යැයි කියාගන්න පිරිසකට බව එකී විෂයයන් පිළිබඳව විද්ය්‍යාඥයින්ට විතරක් නෙවෙයි පොඩ්ඩක් හරි සැළකිල්ලෙන් බලන පිරිසකටත් තේරෙන දෙයක්.

ලාංකික දේශපාලනයේ තීරණාත්මක කාලපරිඡේදයක් පසුකරමින් ඉන්න මේ මොහොතේ ඉහත කී විෂය පරාසයන් නිශ්චිත න්‍යාය පත්‍රයක් ඔස්සේ හැසගැස්සවීමට උත්සාහ කරන බව රහසක් නෙවෙයි. මේ උත්සාහය එකී ඒකමානී විෂය පෙළගැස්සවීමට එරෙහිව විවිධත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී දැනුම් පෙළගැස්සවීමක් වෙනුවෙනි.